<i>SD Maid 2/SE</i> යනු ඔබගේ Android ගි විශ්වාසවන්ත සහකාරි වන අතර එය පිරිසිදු සහ විධිමත් තබා ගැනීමට ඔබට උපකාර කරයි.

කිසිවෙකු පරිපූර්ණ නැති අතර Android ද එසේ නොවේ.

* ඔබ ඉවත් කරගෙන ඇති යෙදුම් සමහරක් ඉතිරි කරයි.
* ඔබ අවශ්‍ය නොවන ලඝු-ලිපි, බිඳවැටීම් වාර්තා සහ වෙනත් ගොනු නිරන්තරයෙන් නිර්මාණය වෙමින්.
* ඔබේ ගබඩාවට ඔබ හඳුනාගත නොහැකි ගොනු සහ ෆෝල්ඩර එකතු වෙමින් ඇත.
* ඔබගේ ගැලරිය තුළ අනුකූල ඡායාරූප.

මෙතනට නවතිමු… SD Maid 2/SE ඔබට උපකාර කරන්න දෙන්න!

SD Maid 2/SE යනු ඔබේ උපකරණයේ ගොනු සාදන ලද යෙදුම් දන්නා යෙදුම් සහ ගොනු කළමනාකරුවෙකි. එය ස්ථාපිත යෙදුම් සමඟ ගොනු සංසන්දනය කර ආරක්ෂිතව ගබඩා ඉඩ නිදහස් කිරීමට උදව් කරයි.

✨ යෙදුම අස්ථාපනය කිරීමෙන් පසු පිරිසිදු කරන්න

යෙදුම් ඔවුන්ගේ නිර්දේශිත ෆෝල්ඩර වලින් පිටතින් ගොනු සැදුවහොත්, යෙදුම් ස්ථාපනය ඉවත් කිරීමෙන් පසුව ගොනු ඉතිරි විය හැක. "CorpseFinder" මෙවලම යෙදුම් ශේෂ සොයා ගනී, එවා කුමන යෙදුමට අයත් වූවාද යන්න කියයි සහ එවා මකා දැමීමට ඔබට උපකාර කරයි.

🔍 ඔබගේ උපාංගය දුරදක්ශී ක්‍රමයෙන් සොයන්න

හිස් ෆෝල්ඩර, තාවකාලික ගොනු, දැනටමත් ස්ථාපිත යෙදුම් සහ තවත් බොහෝ දෙයට සඳහා පෙරණය කරන්න. ඔබට ඔබේම සෙවුම් මානදන්ඩ නිර්මාණය කිරීමටත් පුළුවන්. "SystemCleaner" මෙවලම විවිධ නිර්ණායක මත ගොනු ස්වයංක්‍රීයව සොයා මකා දමයි.

🧹 අනවශ්‍ය ගොනු සහ සැඟවුණු හැඹිලි මකා දමන්න

සිඟු රූප, කුණු පෙට්ටි, සම්බන්ධතා රහිත හැඹිලි සහ තවත්: යෙදුම් ස්වයං පිරිසිදු නොවන්නේ නම්, මෙම යෙදුම එය කරයි. "AppCleaner" මෙවලම අනවශ්‍ය ගොනු සහිත යෙදුම් සොයා ගනී.

📦 ඔබගේ සියලුම යෙදුම් කළමනාකරණය කරන්න

ඔබගේ උපාංගයේ ස්ථාපිත සියලුම යෙදුම් පිළිබඳ සම්පූර්ණ ලැයිස්තුවක් ලබා ගන්න. සක්‍රිය, අක්‍රිය, පරිශ්‍රයක් හෝ පද්ධති යෙදුම: කිසිම යෙදුම ඔබෙන් සඟවී සිටිය නොහැකි ය. "AppControl" මෙවලම ඔබේ යෙදුම් සෙවීමට, වර්ග කිරීමට සහ පාලනය කිරීමට ඉඩ දෙන යෙදුම් කළමනාකරුවෙකි.

📊 සියලුම ඔබගේ ඉඩ භාවිතා කරමින් සිටින්නේ කුමක්ද

උපාංගය ගබඩාව, SD කාඩ්පත් සහ USB උපාංග හරහා යදුම්, මාධ්‍ය, පද්ධතිය සහ වේනත් ගොනු සමග ගබඩා කල්මනාකරණය සංකීර්ණ විය හැකිය. "StorageAnalyzer" යනු ඔබගේ උපාංගයේ ඉඩ භාවිතා කරන ආකාරය පෙන්වන ගොනු කළමනාකරු වන අතර ඔබගේ ගබඩා කළමනාකරණය සරල කරයි.

📷 අනුකූල දත්ත සොයා ගන්න

අනුකූල බාගත, සංවාද මාධ්‍ය සඳහා යවන ලද ඡායාරූප හෝ එකම දර්ශනයක සමාන ඡායාරූප: කලට පිටපත් එකතු විය හැක. "Deduplicator" මෙවලම හරිම එකම හෝ සමාන ගොනු සොයා ගන්න සහ අතිරේක පිටපත් ඉවත් කිරීමට ඔබට උපකාර කරයි.

👆 ස්වයිප් කිරීමෙන් කේලෙස් ඉවත කරන්න

ෆෝල්ඩරයක් තෝරා ගෙන ගොනු එකින් එක රදවා ගෙනීමට, මකා දැමීමට හෝ මග හැරීමට සරල ස්වයිප් ගෙන යන්න. "Swiper" මෙවලම මගින් ඔබට යමක් මකා දැමීමට පෙර සියලු තීරණ සමාලෝචනය කිරීමට ඉඩ සලසයි, සහ ඔබට සැසිය සුරකිමින් පසුව දිගටම කරගෙන යා හැකිය.

🗜️ ඡායාරූප මකා නොදමා ඉඩ ඉතිරි කරන්න

ඡායාරූප ගොඩක් ගබ්ඩා ඉඩ ගනී, නමුත් ඔබ සෑමවිටම එවා ඉවත කිරීමට නොකැමතිය. "Media Squeeze" මෙවලම ඔබේ රූප සකසන ලද ගුණාත්මකතා සැකසුම් සමඟ සම්පීඩනය කරමින් ඔබේ ඡායාරූප රදවාගෙන ඉඩ නිදහස් කරයි.

මෙම යෙදුම දැන්වීම් රහිතයි. සමහර ලක්ෂණ සඳහා ගෙවූ උසස්වරණ අවශ්‍ය වේ.

SD Maid 2/SE යනු SD Maid 1/Legacy හි අනුගාමිය ය.
නවතර Android අනුවාද සඳහා ප්‍රශස්ත කර ඇති අතර පරිෂ්කරණවලට අවධානය යොමු කර ඇත.

මෙම යෙදුමේ ප්‍රවේශනීයතා සේවා API භාවිතා කරන විකල්ප ලක්ෂණ ඇත.
ප්‍රවේශනීයතා සේවා API භාවිතා කරමින්, මෙම යෙදුම ඔබ සඳහා බොත්තම් ක්ලික් කිරීමට බහුවිධ යෙදුම් මෙහෙයුම් සිදු කිරීමට පුළුවනි. හැඹිලි මකා දැමීම.
මෙම යෙදුම තොරතුරු එකතු කිරීමට ප්‍රවේශනීයතා සේවා API භාවිතා නොකරයි.

SD Maid 2/SE යනු ගොනු කළමනාකරු සහ පිරිසිදුකරු යෙදුම වේ.